දැන් අපි ඉන්නේ මාතලේ නගරයේ. මාතලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක්වෙන්නේ අළුවිහාරය. ඒ හැරුණුකොට මාතලේ අවට නැරඹිය හැකි වෙනත් තැන් තිබෙනවාද? තිබේ නම් ඒ මොනවාද? මේ සිතියම ඒ ගැටලුවට පිලිතුරු සපයාවි.
රිවස්ටන්
මාතලේ ඉඳන් කි. මී 28ක් පමණ දුරින් රිවස්ටන් පිහිටා තිබෙනවා. රිවස්ටන් කියන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් කඳු පංතියට අයත් සුන්දර කන්දක්. ඒ වගේම සුළං කපොල්ලක්. මාතලේ ඉඳන් රිවස්ටන් යන ඔබට හමුවෙන එකම ප්‍රධාන නගරය තමයි රත්තොට. රත්තොට ඉඳන් රිවස්ටන් දක්වා වූ කි. මී 15 ක පමණ දුර යන්න තියෙන්නේ බොහොම පටු පාරක. පළල් වාහන දෙකක් මාරුවීම ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනෙ. මේ ඡායාරූපයේ තියෙන්නේ රිවස්ටන් කන්ද මුදුනේ පිහිටා ඇති ටෙලිකොම් කුලුන. එතැනට ලඟාවීමට ඔබට කිලෝමීටරයක පමණ දුරක් පාගමනින් ඇවිද යාමට සිදුවෙනවා.
පහලින් තියෙන්නේ ඒ අතරමඟ ඔබේ නෙත ගැටෙන සුන්දර දසුන් කීපයක්.
|
|
|
පිටවල පතන (දික් පතන)
රිවස්ටන් ඉඳන් කි. මී. 6ක දුරක් ගෙවා ඔබට පිටවල පතනට ලඟාවෙන්න පුලුවන්. නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් පිටවල පතන පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 865ක් උසින්. සදාහරිත වනාන්තර සහ නීල දිය දහරා වලින් පෝෂිත දුම්බර මිටියාවත වසා පැතිරුනු නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුලදී ඔබට ලංකාවට ආවේණික ශාඛ හා සත්ව විශේෂ රාශියක් දැකගැනීමට හැකිවෙනවා. පිටවල පතන කෙලවර ඇති කුඩා ලෝකාන්තය නැරඹීමටත් මේ ස්ථානයට එන කිසිවෙකු අමතක කරන්නේ නෑ. ඒ සඳහා රු. 28/- ක ටිකට් පතක් ලබාගන්නා ඔබ කිලෝමීටරයකට අඩුදුරක් පාගමනින් ඇවිද යායුතු වෙනවා.
ඔබට දැන් ස්නානය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම්, මෙතැන්සිට කි.මී 4ක් දුරින් පිහිටි තෙල්ගමු ඔය ඊට කදිම ස්ථානයක්. ඒ වගේම මෙතැන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට කි. මී 42ක් දුරක් ඇති බව දැනගැනීමට ලැබුනා.
මාතලේ අළුවිහාරය
මාතලේ නගරයට ඉතා ආසන්නයේ ඇති අළුවිහාරය බෞද්ධයන්ට කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසු වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කර ඇත්තේ මෙම විහාරයේදී. මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවත් උන්වහන්සේලා අවුරුදු තුනකුත් මාස තුනක් පුරා මෙම කාර්ය්ය සිදු කර වෙසක් පොහෝ දිනයකදී අවසන් කල බවත් දැන ගැනීමට ලැබුනා. එමෙන්ම පස් වැනි ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද මාතලේ අළුවිහාරය කේන්ද්‍රකරගෙන.
මෙහි ඉදිරිපස ගල් ලෙන ආසන්නයේ මෙසේ සඳහන් පුවරුවකුත් දක්නට ලැබුනා.
"ථේරවාදී හෙළ අටුවා ග්රන්ථ පාලියට නැගීමට දඹදිව සිට පැමිණි බුද්ධ ඝෝෂ අටුවාචාරීන් වහන්සේ ත්‍රිපිටකය සහිත හෙල අටුවා ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කර තැබූ අලුවිහාර පොත් ගුලද පරිහරණය කරණුවස් මෙහි පැමිණ වැඩ සිටියේ ඉදිරිපස ගල්ලෙනෙහිය. මෙසේ හෙල අටුවාව උන්වහන්සේ අතින් පාලියට නැගුණු නිසා ථේරවාදී බුදු දහම අතීතයේ බෞද්ධ රටවල ව්‍යාප්තියට හේතුවිය."
කවටයාමුණ විහාරය
මාතලේ සිට A9 පාර ඔස්සේ කි. මී. 8ක් පමණ ගොස් පලාපත්වලින් හැරී මීටර් 500ක් පමණ ගිය තැන මෙම කවටයාමුණ විහාරය හමුවෙනවා. ගජබාහු රජ දවස සිරිසෙවන් නම් සෙන්පතියෙකු විසින් මෙම විහාරය කරවූ බව පැවසෙනවා. මෙම විහාරයේ ඇති අපාය ප්‍රතිනිර්මාණය මෙහි සංචාරක ආකර්ශණය සඳහා බලපා තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී මගේ කැමරා කාචයේ සටහන් වුනු ඡායාරූප කිහිපයක්.

පලාපත්වල ඉඳන් A9 ඔස්සේ දඹුල්ල දෙසට කි. මී. 13ක් පමණ යන ඔබට නාලන්දා ගෙඩිගේ වෙත යන පාර හමුවෙනවා. (මාතලේ සිට කි. මී 22 ක් පමණ) ඒ අතරමඟදී මඩවල වැනි නගර ඔබට හමුවේවි. A9 පාරෙන් හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති මේ මනරම් ස්ථානය දැකබලා ගත හැකියි. ප්‍රතිමා මන්දිරය, චෛත්‍යය, බෝධිය ලෙස කොටස් තුනකින් සමන්විත මෙය 8-10 සියවස් වලට අයත් පල්ලව ගෘහ නිර්මාණ සම්ප්රදායේ අංග ලක්ෂණ වලින් යුක්ත වනවා. මෙහි හින්දු කෝවිලක අංග ලක්ෂණ ඉතා පැහැදිලිව දැකගැනීමට හැකියි. ප්‍රතිමා මන්දිරය ඇතුලත පද්මාසනයක් මත වැඩසිටින ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවක් දැකගැනීමට හැකියි.
නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි. මේ බ්ලොග් ලිපියේ මාතෘකාව ගැන දෙගිඩියාවෙන් කවුරු හරි හිටිය නම් ඔන්න දැන් ඒ අයටත් පිලිතුරු ලැබෙන්න ඇති. අපි මෙහි සේයා රූ කීපයක් බලල ඉමු.
|
|
|
මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය
නාලන්දාවෙන් සමුගත් අපි නැවතත් A9 ඔස්සේ අරංගල පසුකර පනම්පිටිය හංදිය වෙත ගමන් කරා. එතැනින් වමට හැරී කි. මී 5ක් පමණ ගිය තැන අපි මනරම් භූමියකට පිවිසුනා. ඒ තමයි මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය. සෙනසුරාදා දිනයක් වෙලත් භූමියේ හැදී වැඩෙන බලුපැටව් කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් එහි සිටියේ නෑ. අපිට තේරුම් ගිය දෙයක් තමයි, මෙතන වටිනාකමට සරිලන ආකර්ෂණයක් සංචාරකයන්ගෙන් ලැබිල නෑ කියන එක. මෙහි වෘක්ෂෝද්යානයට අමතරව උපෝසථාගාරයක්, පිළිමගෙයක්, සභා ශාලාවක්, චෛත්‍යයක් සහ බෝධිඝරයක් දක්නට ලැබුනා.
ඒ අතර තිබූ මැණික්දෙන පුවරු ලිපිය මගේ අවධානය දිනා ගත්තා. එහි සඳහන්ව තිබුනේ කොබොයතෙළෙහි වාසය කරන සෙන්ගේ බිරිඳ රන් කළං පහක් වැය කොට මිළ දී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බවත් ඒ දීමනාව හිරු සඳු පවත්නා තාක් පවතින බවයි.
බලන්න. මේ ඡායාරූප මේ භූමියේ අසිරිය කියාපාන අන්දම....
|
|
|
රංගිරි දඹුලු රජමහා විහාරය

|
|
|