Wednesday, September 28, 2011

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග


උපුටා ගැනීම - wikipedia.org

Highways

Highway NumberRouteLength-km
A0Colpity-Sri Jayawardenapura07
A1Colombo-Kandy115
A2Colombo-Wellawaya317
A3Peliyagoda-Puttalam126
A4Colombo-Batticaloa430
A5Peradeniya-Chenkalady276
A6Ambepussa-Trincomalee199
A7Avissawella-Nuwara Eliya119
A8Panadura-Ratnapura68
A9Kandy-Jaffna321
A10Katugastota-Puttalam125
A11Maradankadawala-Trikandimadu129
A12Puttalam-Trincomalee177
A13Galkulama-Anuradhapura17
A14Medawachchiya-Talaimannar114
A15Batticaloa-Trincomalee131
A16Beragala-Hali Ela40
A17Galle-Madampe144
A18Nonagama-Pelmadulla88
A19Polgahawela-Kegalle12
A20Anuradhapura-Rambewa14
A21Kegalle-Karawanella42
A22Passara-Monaragala34
A23Wellawaya-Kumbalwela31
A24Matara-Akuressa20
A25Siyabalanduwa-Ampara57
A26Kandy-Padiyathalawa105
A27Ampara-Maha Oya58
A28Anuradhapura-Padeniya84
A29Horowapothana-Vavuniya46
A30Vavuniya-Parayanalankulam36
A31Ampara-Karaitivu24
A32Mannar-Navatkuli98
A33Ja Ela-Yakkala17
A34Mankulam-Mullaitivu49
A35Paranthan-Mullaitivu52



විශාල කර බැලීමට සිතියම මත click කරන්න.

read more "ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග"

Tuesday, September 27, 2011

නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස

මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දු‍ටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය.
මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත.  ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි. 
මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. මෙම ආදරය වටා ගොඩනැගෙන අතුරු කතා අතර මංකොල්ලයක්, පැහැරගැනීමක්, තර්ජනයකිරීමක් හෝ කප්පම්ගැනීමක් දැකිය හැක.
මෙම ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිතය වන්නේ ඇතැම්විට පියා රවටා පෙම්වතා සමඟ යන තරුණියකි. තවත් විටක, අනියම් බිරිඳ සමඟ පෙම්බස් දොඩන තරුණයෙකි. නැතහොත්, පාසැල් නිල ඇඳුම පිටින් පෙම් කෙලින යුවලකි. එසේත් නැත්නම්, තම පෙම් සබඳතාවයට විරුද්ධවන පියාට පරුශවචනයෙන් බැනවදින දියණියකි. මෙහි ඇති බරපතලම කාරණය වන්නේ අසම්මතය සමාජගත වීමතුලින් බාල පරපුර විනාශ වීමයි.
මේවායේ අනිවාර්යයෙන් දැකිය හැකි සෙසු චරිත කීපයකි. දුෂ්ටයෙක්, විකටයෙක්, බේබද්දෙක්, හෝ මානසික රෝගියෙක් ඔවුන් අතර වේ. විකටයා වන්නේ බොහෝ විට නිවසේ මෙහෙකරුවා, යහලුවා හෝ මාමාය. විකට රංගනය බොහෝවිට ශෝකජනකය. විකාරය. කට ඇදකරමින්, කට හඬ වෙනස් කරමින් සහ හතර අතේ ඇඹරෙමින් කරන විකට රංගනය දකිනවිට ඇතිවන්නේ නලුවා ගැන ශෝකයක් මිස හාස්‍යක් නොවේ. මෙවන් බාලගණයේ රඟපෑම් දකිනවිට මතක්වන්නේ මෑතකදී අප අතරින් වෙන්වූ ජෝ අබේවික්‍රම කලාකරුවාය. සිනාවියයුතු තැන සිනා නොවී සිටීමෙන් ප්‍රේක්ෂකයා සිනා ගැස්සූ ජෝගේ විකට රංගනය අසලටවත් ඒමටවත් මොවුන්ට නොහැක.
මෙම ටෙලිනාට්‍යවල දෙබස් බොහෝවිට අප්‍රසන්නය. සිංහල භාෂාවට අලුත් ප්‍රස්ථාපිරුලු හා ගැටපද හඳුන්වාදීමටද මේවා සමත්ය. මෑතදී මට ඇසුනු එවන් වදන් කීපයක් මෙසේය.
- ටිං ටිං ඩබල් ටිං
- පට්ට පට පට
- අම්ම හදපු තාත්ත වඩපු මම විකුණපු දොදොල් වගේ
- හතර වරං
- ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
- අඩ් ඩඩ් ඩා
ඉතා මෑතකදී මම දු‍ටු  ටෙලිනාට්‍යයක වයස 50ක පමණ චරිතයක් නිරූපණය කරන්නේ මැදිවියටවත් ලං නොවූ තරුණයෙකි. ඔහුගේ දියණියගේ චරිතය රඟපාන තරුණියට වඩාවත් ඔහු වැඩිමහල්දැයි සිතාගැනීමට අපහසුය.
මේවායේ කතා සුරංගනා කතාවලට දෙවෙනි නැත. කිසිදු තාත්විකත්වයක් නැත. කිසිදු ‍රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන බවක් නොපෙනෙතත්, රජ මාලිගා වැනි නිවෙස් ඇති මිනිසුන් සිටින්නේ මෙවැනි ටෙලිනාට්‍ය වල මිස සැබෑලෝකයේ නොවේ. අධ්‍යක්ෂකට අවැසි වූ කල ඇතැම් චරිත පිස්සන් කිරීමටත්, ඇතැමුන් මරා දැමීමටත්, මළ වුන් නැගිට්ටවීමටත් හැකිය.
යම් කලාකරුවෙක් ටෙලිනාට්‍යයෙන් ටිකකට ඉවත් කලයුතුවිට, අදාල චරිතය රට යයි. නැතහොත් පැහැරගෙනගොස් අතුරුදහන් කෙරෙයි. 
මෙම ටෙලිනාට්‍යවල අහබු සිදුවීම්ද බහුලය. හොර බිරින්දෑ සමඟ සැමියා යන හෝටලයටම නීත්‍යානුකූල බිරිඳත් හදිසියේ පැමිනේ. පෙම්වතා සමඟ නඟින බසයටම පෙම්වතියගේ පියාත් නඟී.
කප්පරක් වෙළඳදැන්වීම් සමඟ දිගහැරෙන මෙම ටෙලිනාට්‍යයක දෛනික විකාශන කාලය බොහෝවිට විනාඩි 10ක් හෝ 15කි. මාස ගනනාවක් තිස්සේ රබර්මෙන් ඇදෙමින් දියාරු ලෙස ගලායන මේවා හදිසියේ මතක් වූවාක් මෙන් සිදුවීම් ගනනාවක් එක්දිනකදී සිදුවී නිමාවට පත්වේ.
ටෙලිනාට්‍ය යනු  ප්‍රබල කලා මාධ්‍යකි. වේදිකානාට්‍ය, සිනමාව, හෝ නවකතා වැන්නක් ‍තෝරාබේරාගෙන රස විඳීමට පුලුවන. නමුත් ටෙලිනාට්‍යයකට ඊටවඩා පුලුල් ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඇත. ලංකාවේ බොහෝ නිවාසවල රූපවාහිනිය ඇත්තේ සාලයේය. වෙහෙසකර දිනයක් අවසානයේ බොහෝ දෙනා රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙන්නේ රසවත් යමක් නරඹා සිත සැහැල්ලුකර ගැනීමටය. රූපවාහිනිය වසාදමා සිටීම මෙයට විසදුම නොවේ. එය හරියට පිලුණු වූ ආහාර කෑමට නොහැකි නම් බඩගින්නේ සිටින්නැයි කීවාක් මෙනි. නමුත් අපි දැනට කරන්නේද එයමය. රසවත් යමක් ලැබෙනතුරු බඩගින්නේ සිටීමය.
අවසාන වශයෙන්, 
මිනිසුන්ගේ රසාඥතාවය මොට කරන අවරගනයේ ටෙලිනාට්‍යවලින් මිදී හරවත් යමක් කිරීමට ශක්තිය ලැබේවායි පතමි. ඒ සඳහා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ගේත්, අදාල නිලධාරීන්ගේත් ඇස් ඇරේ වි යැයි සිතමි.
read more "නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස"

Monday, September 26, 2011

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2

 --පළමු ලිපිය හා සම්බන්ධයි.--

ශිව දෙවි
ගවයා වාහනය කරගත් ශිව දෙවියන්ට "ගංගා" සහ "පාර්වතී" නම් වූ බිරියන් දෙදෙනෙකු සිටි බව සඳහන්වේ.








සරස්වතී
දැක්මට අධිපති ලෙස සැලකෙන සරස්වතී දෙවඟනගේ වාහනය හංසයාය. කලා කටයුතු වලදී පෙරමුනට ගන්නා දෙවඟනකි. සරස්වතී දෙවඟනට මවක් නොමැති අතර බ්‍රහ්ම විසින් මවනා ලදැයි සැලකේ. තවත් මතයකින් කියවෙන්නේ, බ්‍රහ්ම විසින් මැවූ අගස්ති නම් ඍතිවරයෙකු විසින් සරස්වතිය මවන ලද බවයි. මෙම දෙවඟනට අත් 4ක් ඇතිබව සඳහන්වේ. එමඟින් මනස, අධ්‍යත්මය, සිහිය සහ අත්මාර්ථය නිරූපනය වන බව කියවේ.


කතරගම දෙවියෝ (ස්කන්ධකුමර)
වාහනය මොණරාය. බිරිඳ වල්ලිඅම්මාය.
කතරගම දෙවියන්ට පටබැඳි නම් හා මතවාද රාශියකි. ගණදෙවියන්ගේ සොහොයුරා ලෙස තැනෙක කියවෙද්දී, තවත් තැනෙක කියවෙන්නේ බුදුන් වහන්සේ ලංකාවට වඩිනවිට මෙහි සිටි 'මහා සේන' රජතුමා කතරගම දෙවියන් වූ බවය. උමාදේවියගේ දරුවන් 6 දෙනා එකට ඇලීමෙන් බිහි වූ බැවින්, කතරගම දෙවියන්ට ඇස්, කන්, අත් 12 බැගින් තිබූබව සඳහන්වේ.



විශ්ණු දෙවියෝ
පාර්වතී දෙවඟනගේ සොහොයුරා ලෙස සැලකේ. බිරිඳ ලක්ෂ්මී දෙවඟනයි. එක් විශ්වාසයකට අනුව ලංකාවේ පලමු රජු වූ මහාසම්මත රජු විශ්ණු දෙවියන් බවට පත් වූ බව කියවේ.








පාර්වතී දෙවඟන
ශක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන පාර්වතී දෙවඟනගේ වාහනය සිංහයාය. ශිව දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ.








ලක්ෂ්මී දෙවඟන
ධනයට අධිපති ලෙස සැලකෙන අතර වාහනය බකුසාය. උපත පිලිබඳ සඳහන් වන්නේ, සුර-අසුර යුද්ධයේදී කිරි මුහුද කැලඹීමෙන් සොයාගත් ලෙසයි.




පත්තිනි දෙවඟන
බෞද්ධයන්ගේ විශ්වාසය අනුව අනාගතයේ බුදුබව පතන දෙවඟනකි. දරුඵල පතා බාරහාර වීමට බොහෝ දෙනා ‍තෝරා ගන්නේ පත්තිනි  දෙවඟනයි. එක් මතයකින් කියවෙන්නේ පත්තිනි යනු, පතිවත ‍රැකි දකුණු ඉන්දියානු කුල කාන්තාවක් බවත්, පඩිරජු විසින් තම සැමියා මරා දැමීම නිසා හාස්කම් පෙන්වූ බවත්ය. ඇය 12 වරක් ඉපදුනුබව තැනෙක කියවෙද්දී, තවත් තැනෙක 7 වරක් උපන්බව කියවේ. ජලයෙන්, මලින්, නයි කඳුලින්, කපුරු පෙත්තෙන්, පිනි බිඳුවෙන්, හෙනයෙන් සහ අඹ ගෙඩියෙන් උපන් බවට සැලකෙන නිසා සත් පත්තිනි ලෙස හැඳින්වේ.  

කිරි අම්මාවරුන්ගේ දානය දෙනු ලබන්නේද පත්තිනි ‍ඳෙවඟන වෙනුවෙනි. ඇගේ ආත්ම 7 සිහිවීම පිණිස, කෙම්මුර දිනකදී (බදාදා හෝ සෙනසුරාදා) දරුවන් වැඩූ අම්මාවරුන් 7 දෙනෙකුට මෙම දානය දෙනු ලබයි. බොහෝවිට දරු උපතකට පෙරත්, පැපොල හෝ සරම්ප වැනි රෝගයකින් සුවය පතාත් මෙය සිදුකරයි. 
මුලින්ම පන්සිල් සමාදන්ව බුදුන් වැඳීම සිදු කරයි. අනතුරුව පැදුරු හා සුදු රෙදි එලා කැවුම්, කිරිබත්, කෙසෙල් වැනි දෑ එක් වර්ගයකින් 3 බැගින් තෙවරක් බෙදනු ලබයි. මෙය සිදුකරන්නේ බාරයට හේතු වූ පුද්ගලයා විසිනි. අනතුරුව, කිරිපැණි බදුනක් හා බුලත් කොලයක එතූ පඬුරක් බැගින් පිලිගන්වයි.


නාථ දෙවියෝ
නාථ දෙවියන්ගේ වාහනය හංසයාය.   බෞද්ධයන්ගේ විශ්වාසය අනුව මතු බුදුවීමට නියමිත මෛත්‍රී බෝධිසත්වයෝය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ  ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් යන සිව්මහා දේවාල අතුරින් ඉදිරියෙන්ම යන්නේ නාථ දේවාල පෙරහරයි. විශ්ණු, කතරගම සහ පත්තිනි දේවාල පෙරහර ඉන්පසු පිලිවෙලින් ගමන් කරයි.





මේ අනුව පෙනීයන්නේ සමහර දෙවිවරුන් හින්දුන්ගේ මෙන්ම බෞද්ධයන්ගේද වන්දනයට පාත්‍රවෙන බවයි. උදාහරණයක් ලෙස, හින්දු හා බෞද්ධ ආගමිකයන් අදහන පත්තිනි දෙවියන් එක් අයෙක්ද දෙදෙනෙක්ද යන්න පැහැදිලි නැත. එය පැහැදිලි කර ගැනීමට වඩා වැදගත් වන්නේ දෙවියන් පිළිබඳ බෞද්ධ හා හින්දු ආගම්වල සංකල්ප වෙන්කර හඳුනාගනීම බව මාගේ අදහසයි. එනම්, 
මෙලොවදී යහපතෙහි හැසිරෙන්නෝ දෙවියන්ව උපදිති. කවර හෝ දෙවියෙක් වේවා බුදු දහමට අනුව නම්, පිදිය යුතු නැත. යැදිය යුතු නැත. ඇදහිය යුතු නැත. දෙවියන් ගැන අන්ධ භක්තියක් ඇතිකරගනීමට වඩා වැදගත් වන්නේ ධර්මාණුකූලව ජීවත්වීම බව මාගේ අදහසයි.
read more "දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2"

Friday, September 23, 2011

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1

ලොව පවතින ආගම් ප්‍රධාන වර්ග 2කට බෙදා දැක්විය හැක.


1) මානව කේන්ද්‍රිය ආගම් [සත්වයාගේ විමුක්තිය තමා තුලම පවතින බව පැවසෙන ආගම්]
2) දේව කේන්ද්‍රිය ආගම් [සත්වයාට විමුක්තිය ලබිය හැක්කේ දෙවියෙකුගෙන් බව පැවසෙන ආගම්]


බුද්ධාගම මානව කේන්ද්‍රිය ආගමකි. ලොව අනිකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදිය දේව කේන්ද්‍රිය ආගම් ලෙස දැක්විය හැක.
හේතුඵල වාදය පදනම් කරගත් බුද්ධාගමේ විමුක්තිය ලබාගැනීම සදහා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගතයුතු බව සදහන් වේ.

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය
මානව කේන්ද්‍රිය ආගමක් වුවත්, බුදු දහමේද දෙවියන් ගැන සඳහන්ව ඇත. (මහාසමය, ආටානාටිය යනාදී සූත්‍රදේශනාවල) 
එය අනිකුත් ආගම් අතරින් වෙනස් වන්නේ මෙසේය. බුදු දහමට අනුව දෙවියන් යනු පිදිය යුතු, යැදිය යුතු හෝ ඇදහිය යුතු පිරිසක් නොවේ. දෙවියන් යනු ධර්මාණුකූලව ජීවත්වන මිනිසාට ආශිර්වාද කරන පිරිසක් බව අංගුත්තර නිකායේ සඳහන්වේ. දෙවියන් වෙනුවෙන් පින් දීම සුදුසු බවද බුදුදහමේ කියවේ.
සම්මුති, විශුද්ධි, ඕපපාතික යනාදී තුන් කට්‍ටුවක් දෙවිවරු පිලිබඳවත්, චාතුර්මහාරාජික, තාවතිංශය, යාමය, තුසිත, නිම්මානරති හා පරිනිම්මිත වසවත්තිය වශයෙන් දිව්‍යය ලෝක 6ක් ගැනත්, ඊට අමතරව වූ බ්‍රහ්ම ලෝක 20ක් ගැනත් බුදු දහමේ කියවේ.



හින්දු දේව වන්දනාව
අනාදිමත් කාලයක සිට ලංකාවට බලපෑ දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් හින්දු ආගමික මූලබීජ ලාංකික බෞද්ධයා තුල මුල්බැස ගන්නට විය. පොලොන්නරු යුගයේ ඇතැම් රජවරුන් තම දකුණු ඉන්දියානු බිසවුන්ට වන්දනා කිරීම සඳහා පන්සල්තුලම හින්දු දේවාල ඉදිකලබව කියවේ. එය වර්තමානය දක්වා විකාශනය වී ඇති අයුරු බොහෝ පන්සල්වලදී දැකගත හැකිය.
හින්දු ආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. එහි නැවත ඉපදීම, කර්මය, මෝක්ෂ (සසරින් මිදීම), යෝග ආදී සංකල්ප දැකිය හැකි අතර, පුද්ගලයා තුළ ආත්මය යනුවෙන් හදුන්වන නිත්‍ය පදාර්ථයක් ඇතැයි හින්දුහු විශ්වාස කරති. මේ පරිච්චේදයේ අරමුණ හින්දු ධර්මය ගැන විස්තර කිරීම නොවේ. හින්දු ආගමේ දැක්වෙන ප්‍රධාන දේවතාවුන් කීපදෙනෙකු ගැන කෙටි හැදින්වීමක් කිරීම මෙහි අරමුණයි.

ගණ දෙවි (පුල්ලෙයාර්)
නුවණට අධිපති ලෙස සැලකෙන ගණ දෙවියන්ගේ වාහනය මීයාය. ඔහුට සහෝදරයන් 6 දෙනෙකු සිටි බවත්, පසුව තම මව වූ උමාදේවිය විසින් බදාගැනීම නිසා ඔවුන් 6දෙනා එකට හාවී ස්කන්ධකුමාර (කතරගම දෙවියෝ) බිහිවුන බවත් කියවේ. 
ඇත් හිසක් සහිත ගණ දෙවියන්ගේ බිහිවීම බිලිබඳ මත රාශියකි. 
ඉන් එක් මතයකින් පාර්වතී දේවිය ස්නානය සඳහා ගියවිට  ඇලෙන සුලු ද්‍රව්‍යයකින් රූපයක් තනා ගිය බවත්, ශිව පැමින එහි ගෙල සිදිබවත්, පසුව පාර්වතීගේ ඉල්ලීමට එයට ඇත් හිසක් සවිකර පණදුන් බවත් කියවේ.
තවත් මතයකින් කියවෙන්නේ, ඔහු තම සොයුරු කතරගම දෙවියන්ට වල්ලිඅම්මා ලබාගැනීමට උදව්කිරීමේදී, ඇත් වේශයක් මවාගෙන වල්ලිඅම්මා ඉදිරියට පැමිනිබවත්, කතරගම දෙවියන් විසින් ඇතා පලවාහැර වල්ලිඅම්මාගේ කැමැත්ත ලබාගත්පසු කතිකා කරගත් පරිදි, නැවත දේව වේශය ලබාගැනීමට මැතිරූ ජලය ඉසූ බවත් හිස ප්‍රදේශයට ඉසීමට ජලය මදිවීම නිසා ඇත්හිස ඉතිරි වූ බවත්ය.
ගණදෙවියන් පිලිබඳ රසකතාද බොහොමයකි. වරක් උමාදේවිය විසින් තම පුතුන් දෙදෙනාට ලෝකය වටා දිවයන්නැයි කී විට ගණදෙවියන් විසින් තම මව වටා දිව යන ලදී. එලෙස තමාගේ ලෝකය ඇත්තේ මව තුලබව පෙන්වා සිටින ලදී.
තවත් වරක්, කරදිය වලල්ල වටා දිවයාමට කී විට ගණදෙවියන් විසින් කලේ ලුණු පොල්කට්ට වටා දිවයාමයි.


-- මතු සම්බන්ධයි. --
read more "දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1"

Wednesday, September 14, 2011

ඇල්බට් අයින්ස්ටයින්

පාසල් යන අවදියේ මා ආසාවෙන් කියවූ පොතක් විය. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ ලියවුනු එහි කාලය නමැති සිවුවන මානයක් පිලිබඳ අදහසක් විය. ලොව පවතින උපරිම වේගය 3x108 ms-1 ක් වූ නියත අගයක් බවත්, සෛද්ධාන්තිකව ගත්කල එම වේගයෙන් යන පදාර්ථයේ ස්කන්ධය හා කාලය ශූන්‍ය විය යුතු බවත්  මා කියවූ අයුරු මතකය. ආලෝකයේ ප්‍රවේගයෙන් යන වස්තුවක කාලය නොගෙවෙන බව මා එදා කියවූයේ සුරංගනා කතාවක් කියවන්නාක් මෙනි. ආලෝකයේ photon වාදය (අංශුමය ස්වභාවය) පිලිබඳ සංකල්ප කියවීමට මා තුල විශාල ආශාවක් ඇතිවිය.
මෙම ලිපිය ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ  විද්‍යාත්මක න්‍යාය විශ්ලේෂනයක් නොවේ. කුඩාකල පටන් මා ප්‍රියකල ක්වොන්ටම් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ගැන වූ කෙටි චරිතාපදානයකි.

1879 මාර්තු 14 ජර්මනියේ උපත ලද අයින්ස්ටයින් කතාකරන්න පටන්ගන්නේ වයස අවුරුදු 3ක් ගතවූ පසුවයි. දෙමාපියන් එතෙක් සිතා සිටියේ ඔහු ගොලු දරුවෙක් කියායි. ඇල්බට් පාසලේදී ඉතා දුර්වල ශිෂ්‍යයෙකු විය. මේ නිසා නිරතුරුව ගුරුවරුන්ගේ දෝෂදර්ශනයට  ලක්වීමට ඔහුට සිදුවිය.
විදුලි උපකරන අලුත්වැඩියා කරන්නෙකු වූ ඇල්බට්ගේ පියා තම ව්‍යාපාර බංකොලොත් වීම නිසා ඉතාලියටත්, එතනින් ස්විට්සර්ලන්තයටත් සංක්‍රමනය විය.
1896 දී ඔහු සුරිච් බහුතාක්ෂනායතනයට ඇතුලත්වන්නේ ඇතුල්වීමේ විභාගය දෙවෙනි වතාවට සමත් වීමෙනි.
1901 දී ස්විට්සර්ලන්තයේ පුරවැසිබව ලබාගන්නා ඇල්බට්, මේ කාලයේදී සිය උපාධිය නිමකර ‍රැකියාවක් සොයාගැනීමට වෙහෙසවිය. 
පසුව තම මිතුරෙකුගේ ධනවත් පියෙකු මාර්ගයෙන් පේටන්ට් කාර්යාලයක 3වන පන්තියේ සේවකයෙකු ලෙස ‍රැකියවක් ලැබුනි. 
ඒ 1902 වර්ෂයයි. භෞතික විද්‍යාව පිලිබඳ දැඩි ආශාවක් තිබූ ඇල්බට්, තම පර්යේෂණ කටයුතු සඳහා සහායිකාවක් සොයා ගනී. ඒ Mileva Marić ය.
ඇය මේ කාලයේදී ඇල්බට්ට දාව දියනියක වැදූ අතර පෝෂණ ඌණතාවයක් නිසා මාස කීපයකින් මියගිය බව සඳහන්ය.
1903දී මිලීවා සමග විවාහවූ ඇල්බට්, පුතුන් දෙදෙනෙකුගේ පියෙක් විය. 
ඔහුගේ බාල පුතු ස්නායු රෝගියෙකු වූ බවත්, ඇල්බට් ඔහුගැන කල කිරීමෙන් සිටි බවත් සඳහන්ය.1905දී ඇල්බට් විශේෂ සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වාදෙන්නේ තම ආචාර්ය උපාධි නිබන්ධනය සඳහාය.
1919දී මිලීවාගෙන් දික්කසාදවූ ඇල්බට්, සිය ඥාති සොහොයුරියක වූ එල්සා සමඟ විවාහ විය.
1922දී මේ මහා විද්‍යඥයා ලංකාවට පැමිනිබව සඳහන්ය. එල්සා සමඟ ලංකාවට පැමිනි ඔහුට රික්ෂෝ රථයක යාමට සිදුවූ බවත්, මිනිසෙක්‌ විසින් ඇදගෙන යන කරත්තයක ගමන් කිරීමට අකමැතිවූ බවත් සඳහන්ය.
ලංකාවෙන් පිටත්වී සිංගප්පූරුවටත් එතනින් චීනයටත් ගිය අයින්ස්ටයින්ට ඉතා ප්‍රීතිජනක පුවතක් ලැබුනි. ඒ ඔහුට 1921 භෞතික විද්‍යාව පිලිබඳ  නොබෙල් ත්‍යාගය හිමි වූ බවයි. ප්‍රකාශ විද්යුත් ආචරණ මූලික කරගත් ඔහුගේ සෙද්ධාන්තික සොයාගැනීම් සඳහා මෙම ත්‍යාගය හිමිවිය.

මේ අතරතුර කාලයේදී භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය, මහාචාර්ය, අධ්‍යක්ෂක තනතුරු කීපයක් හෙබවීමට ඇල්බට් අයින්ස්ටයින්ට හැකිවිය.
1927දී පැවති භෞතික විද්‍යාව පිලිබඳ මහා සමුලුවට (Solvay Conference) සහභාගි වීම ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකැයි මට සිතේ.



Solvay Conference - 1927



පසුව ඇමරිකාවට සංක්‍රමණයවූ අයින්ස්ටයින් 1940දී ඇමරිකානු පුරවැසිභාවය ලබාගන්නා ලදී. ජීවිතයේ සැඳැකාලය ඇමරිකාවේ ගතකල මේ මහා විද්‍යාඥයාගේ ජීවිත කතාවේ අඳුරු තැන් කීපයක්ද විය. දුම්පානයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහුට පෙම් සබඳතා රාශියක් වූ බව සඳහන්වේ.


විටෙක ඔහු දක්ෂ වයලීන වාදකයෙකු විය. තවත් විටෙක ඔහු නිහතමානී මිනිසෙක් විය. 1952දී ඊශ්‍රායලයේ ජනාධිපතිධූරය ඔහුට පිරිනැමුනි. දන්නා විද්‍යාව පසෙකලා නොදන්නා දේශපාලනයක් කිරීමට තරම් අනුවණ නොවූ ඔහූ එම ඉල්ලීම නිහතමානීව ප්‍රතික්ෂේප කරනලදී.
1955 අප්‍රේල් 18 දින ඔහු නො එන ගමන් ගියත්, ඔහු ලොවට දායාද කල භෞතික විද්‍යා න්‍යායන් අදත් අප අතර නොනැසී පවතී.

read more "ඇල්බට් අයින්ස්ටයින්"