Thursday, October 27, 2011

ගණිත විනෝදේ

අද ලිපිය මා ලියන්නේ පාසැල්යන කුඩා දරුවන් වෙනුවෙන්. මුලින්ම කිවයුත්තේ මෙය ගණිත පාඩමක් නොවන බවයි. ගණිතය යනු කුමක්ද යන්නත්, ගණිතය පිලිබඳ පාසැල් සිසුන්ගේ ආකල්පය ගැනත් මා දකින ආකාරය පහත ප්‍රකාශ කෙරේ.


ඔයා පාසැලේ කැමතිම විශය මොකක්ද? අකමැතිම විශය මොකක්ද?
කියා ඇසුවොත් බහුතරයක් දරුවන් ඔය දෙකෙන් එකකට දෙන පිලිතුර තමයි, "ගණිතය".
ගණිතය සමහරුන්ට කැමතිම විශය වද්දී තවත් අයෙකුට අකමැතිම විශය වන්නේ ඇයි? 
මම හිතන්නේ ගණිතය යනු කුමක්දැයි තේරුම් නොගැනීම ඊට මුල් වන බවයි. මා දකින ආකාරයට ගණිතය යනු විනෝද ක්‍රීඩාවකි. ඔබ ගණිතය සමඟ ක්‍රීඩා කල යුතුය. විනෝද විය යුතුය. එසේ නොමැතිව අනිකුත් විශයන් මෙන් සූත්‍ර, ප්‍රමේයයන් වනපොත් කිරීමෙන් පමණක් ගණිතය අවබෝධකරගත නොහැක. වසර ගනනාවක් තිස්සේ ඉගෙන ගත්තත් ලංකාවේ සිසුන්ට ඉංග්‍රීසි බැරි වන්නේත් මීට සමාන හේතුවක් නිසාය. ඉංග්‍රීසි යනු භාෂාවක් බව තේරුම් නොගෙන වචන හා ජේද කටපාඩම් කිරීමට යාම මීට හේතුවයි.


ගණිතය යනු ඉතා පැහැදිලි විශයකි. ඕනෑම ගණිත ගැටලුවක් කුමන අවස්තාවන් පසු කලත් අවසානයේ ලඟාවන්නේ එක්තරා නිශ්චිත තැනකටය. වෙනත් විශයන්වල මෙන් එක ගැටලුවකට පිලිතුරු රාශියක් තිබිය නොහැක. තමාට සාපේක්ෂව තමාගේ දෘෂ්ටිකෝණයෙන් පිලිතුරු දිය නොහැක. ගණිතය ක්‍රීඩාවක් මෙනැයි කීවේ එහෙයිනි. ක්‍රීඩාවකත් නීතිරීති ඇත. එම නීතීන්ට අනුගතවෙමින් ලබාගත යුතු නිශ්චිත ඉලක්කයක් ඇත. එම ඉලක්කය සපුරාගැනීමෙන් ලැබෙන වින්දනයක් ඇත. හරි හැටි තේරුම් ගත්තොත් ගණිතය තරම් විනෝදජනක විශයක් තවත් නැත. ගණිතය අපහසුයැයි කියනා දරුවන් මුලින්ම කලයුත්තේ ගණිතයගැන ආශාවක් ඇතිකර ගැනීමය. අවශ්‍යනම් ගණිතය ගැන ලියවුනු බොහෝ ගීත, පිරුලු, ප්‍රෙහෙලිකා, කතා ඇතිතරම් අන්තර්ජාලයෙන් සොයාගතහැක.

5 comments:

  1. සාදරයෙන් පිලිගන්නවා!හරවත් දෑ ලියන්න හැකිවේවා!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.

    ReplyDelete