මේ තියෙන්නේ 1984 නොවැම්බර් 3 වැනි සෙනසුරාදා දිනමිණ පුවත්පතේ පලවී තිබුනු රූපවාහිනී වැඩසටහන් විස්තරය.
රූපවාහිනී
|
ස්වාධීන රූපවාහිනී
|
ප. ව. 5.30 - නිව් ස්පයිඩර් මෑන් | ප. ව. 5.58 - වැඩසටහන් නාමාවලිය |
ප. ව. 5.55 - ළමා සංග්‍රහය | ප. ව. 5.59 - සෙසමි ස්ට්‍රීට් |
ප. ව. 6.25 - ඉන් සර්ච් ඔෆ් ද පාස්ට් | ප. ව. 7.00 - මධු රසාංග |
ප. ව. 6.55 - රූපවාහිනී පුවත් දෙමළ | ප. ව. 7.45 - ස්කූඩ්රන් සර්වයිවල් |
ප. ව. 7.15 - ඔක් රොජර්ස් | ප. ව. 8.35 - මෙනි වයිව්ස් ඔෆ් පැට්රික් |
ප. ව. 8.15 - රූපවාහිනී පුවත් සිංහල | ප. ව. 9.00 - ජෙනරල් හොස්පිටල් |
ප. ව. 8.35 - යලි ගැයෙන ගී | ප. ව. 9.30 - රූපවාහිනී පුවත් ඉංග්‍රීසි |
ප. ව. 9.05 - සංඛ පද්ම | ප. ව. 9.50 - වැඩසටහන් නාමාවලිය |
ප. ව. 9.30 - රූපවාහිනී පුවත් ඉංග්‍රීසි | ප. ව. 9.50 - ජෙනරල් හොස්පිටල් ඉතිරි කොටස |
ප. ව. 10.00 - ස්ටාස්කි ඇන්ඩ් හච් | ප. ව. 10.20 - නිමාව |
ප. ව. 10.30 - ලෝක ප්රවෘත්ති | |
ප. ව. 10.35 - ස්ටාස්කි ඇන්ඩ් හච් ඉතිරි කොටස | |
ප. ව. 10.55 - නිමාව |
ඒ කාලයේ තිබිල තියෙන්න රූපවාහිනී නාලිකා දෙකයි. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විතරයි. පරිගණක, ජංගම දුරකතන ආදී බහුවිධ ඉලෙක්ට්‍රොනික උපාංග නොතිබුනු ඒ කාලයේ TV එකට තිබුනේ ඉහල තැනක්!
අපේ ගෙදර ඒකාලෙ තිබුනෙ කලු සුදු TV එකක්. මට මතක විදියට අඟල් 14. අහල පහල TV නැති ගෙවල් වල කට්ටිය ටෙලිනාට්‍ය බලන්න අපේ ගෙදරට ආපු හැටි මට තාමත් මතකයි.
එදා අපි දොලොස්මහේ පහණ, ලා හිරු දහසක්, ඇල්ල ලඟ වලව්ව, පලිඟු මැණිකේ, යශෝරාවය වගේ ටෙලිනාට්‍ය බැලුවේ කොච්චර ආසාවෙන්ද...
මේ තියෙන්නේ එදා ටෙලිනාට්‍ය ගැන මතකය අවදිකරවන ඡායාරූපයක්! ටෙලිනාට්‍යය මොකක්ද කියල මතක්කර ගන්න එක ඔයගොල්ලන්ට බාරයි.
පහතින් තියෙන්නේ 1989 නොවැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පතින් උපුටා ගත් වැඩසටහන් විස්තරය.
රූපවාහිනී
|
ස්වාධීන රූපවාහිනී
|
ප.ව. 4.30 - අධ්‍යාපනික වැඩසටහන -තර්ක ශාස්ත්‍රය (සිංහල) | ප.ව. 5.59 - වැඩසටහන් නාමාවලිය |
ප.ව. 5.00 - ප්රවෘත්ති (සිංහල) | ප.ව. 6.00 - තෙරුවන් නමඳිමු |
ප.ව. 5.05 - ද රෝඩ් රනර් ෂෝ (කාටුන්) | ප.ව. 6.15 - රොකට් රොබින්හුඩ් |
ප.ව. 5.30 - මැජික් ව'ල්ඩ් ඔෆ් ජී ජී (කාටුන්) | ප.ව. 6.45 - කලා රසාංග |
ප.ව. 6.00 - තෙරුවන් නමඳිමු | ප.ව. 7.15 - 'දස දෙසින්' |
ප.ව. 6.15 - දෙමළ ගී | ප.ව. 7.30 - බ්‍රයිට් ඇන්ඩ් බ්රීසි |
ප.ව. 6.30 - ප්රවෘත්ති (දෙමළ) | ප.ව. 8.00 - 'ලයිෆ් බිගින්ස් ඇට් 40' |
ප.ව. 7.00 - ඌර් කෝලම් (දෙමළ) | ප.ව. 8.30 - ක්‍රවුන් කෝට් |
ප.ව. 7.30 - පුණ්‍ය භූමි (වාර්තා) | ප.ව. 9.00 - ෆැල්කන් ක්‍රෙස්ට් |
ප.ව. 8.00 - ප්රවෘත්ති (සිංහල) | ප.ව. 10.00 - ප්රවෘත්ති (ඉංග්‍රීසි) |
ප.ව. 8.30 - අරවින්ද සහ ඉන්දු | ප.ව. 10.20 - වැඩසටහන් නාමාවලිය |
ප.ව. 9.00 - 'හනිමූනර්ස්' | ප.ව. 10.21 - නිමාව |
ප.ව. 9.30 - ප්රවෘත්ති (ඉංග්‍රීසි) | |
ප.ව. 10.00 - සංගීත වැඩසටහන (ඉංග්‍රීසි) | |
ප.ව. 10.55 - නිමාව |
මේ වගේ රසවත් තොරතුරක් අරගෙන තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්!
හරිම ලස්සනයි නිෂ්...
ReplyDeleteමෙන්න මේකත් බලන්න ඔයා කැමති වේවි..
ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
මේකේ කමෙන්ට් ටික තමයි කියවන්න ඕනේ..
Deleteබොහොම ස්තූතියි! බලන්නම්... :)
Deleteteledrama eka weda hamine da?
ReplyDeleteහරියට හරි!
Deleteමේ වෙදහාමිනේ.(වෙද මහතා පරීක්ෂාවට ලක් කරන රෝගියා තමා ඇන් කොම්පැණි එකේ පරාක්‍රම)
ReplyDeleteමතකද රූපවාහිනි වැඩසටහන් ආරම්භ කිරීමට පෙර ප්‍රචාරය කළ ගීතය.මේ මට මතක කොටස් කීපයක්,
නෑදෑයෝ අපි නෑදෑයෝ
ලංකා පවුලේ නෑදෑයෝ
කන්දෙත් අපි අපි
ලංදෙත් අපි අපි
රට මැද රට වට
කොතැනත් අපි අපි
දෙහිතක් නැති අපි
රන් හිත් ඇති අපි
රන් හිරු දහසක්
පායන තුරු අපි
නෑදෑයෝ
අපි නෑදෑයෝ
ලංකා පවුලේ නෑදෑයෝ
එකට හිදින අපි
Deleteඑකට නැහෙන අපි
එකටම යන අපි
එක පවුලේ අපි
නෑදෑයෝ අපි නෑදෑයෝ
ලංකා පවුලේ නෑදෑයෝ
බොහොම ස්තූතියි අතීතය මතක් කලාට.
ඔබගේ ලිපිය ඉතා අගෙයි ,නමුත් ඵහි ලොකු හිඩැසක් තිබෙනවා නිවැරදි කරන්න ,මේකට අඩුයි ඔය ඇඟිලි සළකුණ වගේ ඒවා ආරම්භයට පෙර ලංකාවේ මුල්ම ගවේශණාත්මක රූපවාහිනී වැඩසටහන විමසුම කාලීන සංවාද වැඩසටහන ඒ කාලයේ පැත්තක් නොගෙන ඇත්ත කථා කරපු ,රූපවාහිීනී කැමරා මැදිරියෙන් ඵළියට අරන් ජනතාව අතරට අරන් ගිය ස්වාධීන රූපවාහිනියේ මුල්ම ජාතික සම්මානය ලබාගත් වැඩසටහන අමතක කරන්න ඵපා ඒ හැරවුම් ලක්ෂය .....!!!
ReplyDeletehttps://www.youtube.com/watch?v=K1D2PGxVDS0
ReplyDelete