Monday, September 26, 2011

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2

 --පළමු ලිපිය හා සම්බන්ධයි.--

ශිව දෙවි
ගවයා වාහනය කරගත් ශිව දෙවියන්ට "ගංගා" සහ "පාර්වතී" නම් වූ බිරියන් දෙදෙනෙකු සිටි බව සඳහන්වේ.








සරස්වතී
දැක්මට අධිපති ලෙස සැලකෙන සරස්වතී දෙවඟනගේ වාහනය හංසයාය. කලා කටයුතු වලදී පෙරමුනට ගන්නා දෙවඟනකි. සරස්වතී දෙවඟනට මවක් නොමැති අතර බ්‍රහ්ම විසින් මවනා ලදැයි සැලකේ. තවත් මතයකින් කියවෙන්නේ, බ්‍රහ්ම විසින් මැවූ අගස්ති නම් ඍතිවරයෙකු විසින් සරස්වතිය මවන ලද බවයි. මෙම දෙවඟනට අත් 4ක් ඇතිබව සඳහන්වේ. එමඟින් මනස, අධ්‍යත්මය, සිහිය සහ අත්මාර්ථය නිරූපනය වන බව කියවේ.


කතරගම දෙවියෝ (ස්කන්ධකුමර)
වාහනය මොණරාය. බිරිඳ වල්ලිඅම්මාය.
කතරගම දෙවියන්ට පටබැඳි නම් හා මතවාද රාශියකි. ගණදෙවියන්ගේ සොහොයුරා ලෙස තැනෙක කියවෙද්දී, තවත් තැනෙක කියවෙන්නේ බුදුන් වහන්සේ ලංකාවට වඩිනවිට මෙහි සිටි 'මහා සේන' රජතුමා කතරගම දෙවියන් වූ බවය. උමාදේවියගේ දරුවන් 6 දෙනා එකට ඇලීමෙන් බිහි වූ බැවින්, කතරගම දෙවියන්ට ඇස්, කන්, අත් 12 බැගින් තිබූබව සඳහන්වේ.



විශ්ණු දෙවියෝ
පාර්වතී දෙවඟනගේ සොහොයුරා ලෙස සැලකේ. බිරිඳ ලක්ෂ්මී දෙවඟනයි. එක් විශ්වාසයකට අනුව ලංකාවේ පලමු රජු වූ මහාසම්මත රජු විශ්ණු දෙවියන් බවට පත් වූ බව කියවේ.








පාර්වතී දෙවඟන
ශක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන පාර්වතී දෙවඟනගේ වාහනය සිංහයාය. ශිව දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ.








ලක්ෂ්මී දෙවඟන
ධනයට අධිපති ලෙස සැලකෙන අතර වාහනය බකුසාය. උපත පිලිබඳ සඳහන් වන්නේ, සුර-අසුර යුද්ධයේදී කිරි මුහුද කැලඹීමෙන් සොයාගත් ලෙසයි.




පත්තිනි දෙවඟන
බෞද්ධයන්ගේ විශ්වාසය අනුව අනාගතයේ බුදුබව පතන දෙවඟනකි. දරුඵල පතා බාරහාර වීමට බොහෝ දෙනා ‍තෝරා ගන්නේ පත්තිනි  දෙවඟනයි. එක් මතයකින් කියවෙන්නේ පත්තිනි යනු, පතිවත ‍රැකි දකුණු ඉන්දියානු කුල කාන්තාවක් බවත්, පඩිරජු විසින් තම සැමියා මරා දැමීම නිසා හාස්කම් පෙන්වූ බවත්ය. ඇය 12 වරක් ඉපදුනුබව තැනෙක කියවෙද්දී, තවත් තැනෙක 7 වරක් උපන්බව කියවේ. ජලයෙන්, මලින්, නයි කඳුලින්, කපුරු පෙත්තෙන්, පිනි බිඳුවෙන්, හෙනයෙන් සහ අඹ ගෙඩියෙන් උපන් බවට සැලකෙන නිසා සත් පත්තිනි ලෙස හැඳින්වේ.  

කිරි අම්මාවරුන්ගේ දානය දෙනු ලබන්නේද පත්තිනි ‍ඳෙවඟන වෙනුවෙනි. ඇගේ ආත්ම 7 සිහිවීම පිණිස, කෙම්මුර දිනකදී (බදාදා හෝ සෙනසුරාදා) දරුවන් වැඩූ අම්මාවරුන් 7 දෙනෙකුට මෙම දානය දෙනු ලබයි. බොහෝවිට දරු උපතකට පෙරත්, පැපොල හෝ සරම්ප වැනි රෝගයකින් සුවය පතාත් මෙය සිදුකරයි. 
මුලින්ම පන්සිල් සමාදන්ව බුදුන් වැඳීම සිදු කරයි. අනතුරුව පැදුරු හා සුදු රෙදි එලා කැවුම්, කිරිබත්, කෙසෙල් වැනි දෑ එක් වර්ගයකින් 3 බැගින් තෙවරක් බෙදනු ලබයි. මෙය සිදුකරන්නේ බාරයට හේතු වූ පුද්ගලයා විසිනි. අනතුරුව, කිරිපැණි බදුනක් හා බුලත් කොලයක එතූ පඬුරක් බැගින් පිලිගන්වයි.


නාථ දෙවියෝ
නාථ දෙවියන්ගේ වාහනය හංසයාය.   බෞද්ධයන්ගේ විශ්වාසය අනුව මතු බුදුවීමට නියමිත මෛත්‍රී බෝධිසත්වයෝය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ  ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් යන සිව්මහා දේවාල අතුරින් ඉදිරියෙන්ම යන්නේ නාථ දේවාල පෙරහරයි. විශ්ණු, කතරගම සහ පත්තිනි දේවාල පෙරහර ඉන්පසු පිලිවෙලින් ගමන් කරයි.





මේ අනුව පෙනීයන්නේ සමහර දෙවිවරුන් හින්දුන්ගේ මෙන්ම බෞද්ධයන්ගේද වන්දනයට පාත්‍රවෙන බවයි. උදාහරණයක් ලෙස, හින්දු හා බෞද්ධ ආගමිකයන් අදහන පත්තිනි දෙවියන් එක් අයෙක්ද දෙදෙනෙක්ද යන්න පැහැදිලි නැත. එය පැහැදිලි කර ගැනීමට වඩා වැදගත් වන්නේ දෙවියන් පිළිබඳ බෞද්ධ හා හින්දු ආගම්වල සංකල්ප වෙන්කර හඳුනාගනීම බව මාගේ අදහසයි. එනම්, 
මෙලොවදී යහපතෙහි හැසිරෙන්නෝ දෙවියන්ව උපදිති. කවර හෝ දෙවියෙක් වේවා බුදු දහමට අනුව නම්, පිදිය යුතු නැත. යැදිය යුතු නැත. ඇදහිය යුතු නැත. දෙවියන් ගැන අන්ධ භක්තියක් ඇතිකරගනීමට වඩා වැදගත් වන්නේ ධර්මාණුකූලව ජීවත්වීම බව මාගේ අදහසයි.

3 comments:

  1. ahmben set wela kiyawe mama hitenne digatama hodata liyagana yanda hoda blog akka..... tawa lassanata hdannda mamm suba patanawa ..... jaya wewa

    ReplyDelete