සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය!
මෙය පිහිටල තියෙන්නෙ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ. හරියටම කියනව නම් හෝමාගම ඉඳන් කි. මී. 30ක දුරක් A4 මාර්ගයේ එන ඔබට පුවක්පිටිය දුම්රියපොල හමුවෙනවා. එතැනින් දකුණට හැරී තුම්මෝදර පාරේ කි. මී 6ක් පමණ එනවිට මේ උද්‍යානය දකින්න පුලුවන්. අවිස්සාවේල්ල සිට ඇත්තේ කි. මී 10කට අඩු දුරක්.
උද්‍යානය ඉදිරියෙන්ම තියෙන්නේ තවමත් වැඩ නිම නොවූ විශාල රථ ගාල. මෙය ජනතා අයිතියට පත් කිරීමට දායක වූවායැයි කියවෙන ඇත්තන්ගේ නම් රැගත් සමරු පලකයත් පිවිසුම් දොරටුව අභියසදී මෙලෙස දක්නට ලැබුනා.
|
|
තවද, මෙම උද්‍යානය පෙ.ව. 7.30 සිට ප.ව. 6.00 දක්වා විවෘතව තැබෙන බව දැනගන්න ලැබුනා.
මේ තියෙන්නේ උද්‍යාන සිතියම.
2008 වසරේ ඉදිකිරීම් ආරම්භ වූ මෙම උද්‍යානයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වනවා. පහතරට තෙත්කලාපීය තුරුලතා සංරක්ශණය කිරීමත්, සීග්‍රයෙන් විනාශවීගෙන යන පහතරට සදාහරිත වැසි වනාන්තරවල ඒක දේශීය තුරුලතා ආරක්ෂාකිරීමත් මෙහි පරමාර්ථ වෙලා තියෙනවා. මීට අමතරව සංචාරක හා උද්භිද විද්‍යා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද මෙය සේවා සපයනවා.
උද්‍යානයේ අසිරිය නරඹල ඉඳිමු.
|
|
|
|
|
|
මෛත්‍රී - රනිල් එකතුවෙලා වැඩක් කලොත් එළම තමයි.
ReplyDeleteඅනේ මෙහෙමත් මෝඩයෙක්. 2008 ඉදිකරන්න පටන් ගත්ත එක මේ අවුරුද්දේ මෛත්‍රී සහ මහින්ද විවෘත කරලා තියෙන්නේ. මෙයා හිතන්නේ මේක දින 100 වැඩ පිළිවෙලට අයිති එකක් කියලා. අවුරුදු 7ක් තිස්සේ හදලා මේ අවුරුද්දේ විවෘත කරලා නම දාගත්තට ‘මෛත්‍රී - රනිල් එකතුවෙලා වැඩක් කලොත් එළම තමයි.‘ කියන ගොන් පාට් කතා කියලා මෝඩයෙක් වෙන්න එපා.
Deleteමරාට ඕක කරන්න හිතිලා නෙවෙයි තිබුනේ. ඔය වැඩේන් එච්චර ඡන්ද ලැබෙන්නෙත් නැහැ. මරාට ගැහිල්ලකුත් නැහැ. මරා බඩු ගහන්න යන වැඩේටත් ගැලපෙන්නේ නැහැ. රනිල් තමයි මෛත්‍රීට කිව්වේ මේ නිස්කලංක තැන අපි වැඩි දියුණු කරමු කියලා.
Delete