අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! මන්නාරම් පිටි වැල්ලේ මදටිය...
----හතර වටේ----
Tuesday, December 21, 2021
මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ....
Sunday, February 23, 2020
හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියන්...

ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සුදුසු කාලය ගැන ලිපියක් ලියන්නැයි මගේ බ්ලොග් පාඨකයින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. ඒත් රටේ ඕනෑම පලාතක ඕනෑම වේලාවක සංචාරය කිරීමට සුදුසු පරිසරයක් අපට නෑ. ඒ අපේ රටට නිතර බලපාන අධික වර්ෂාව නිසා. එසේ නම් ඒ ඒ ප්‍රදේශ වල...
Wednesday, December 25, 2019
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්‍රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්‍රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්. එයින් මම අද තෝරාගන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කය....
Saturday, September 21, 2019
කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪
කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ.
වික්ටෝරියා වේල්ල! ලංකාවේ...
Subscribe to:
Posts (Atom)