Thursday, December 1, 2011

රජෙකුගේ දවසක්

පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?
ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
"කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්,  පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන  දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.

සිට
දක්වා
කාර්ය්‍ය
උදේ 4.00
-
අවදිවීම.
උදේ 4.00
උදේ 5.12
ත්‍රිලක්ෂණ (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) මෙනෙහි කරමින් භාවනා කිරීම.
උදේ 5.12
උදේ 6.00
ගාථා කීම සහ ධර්ම කරුණු ආවර්ජනය කිරීම.
උදේ 6.00
උදේ 9.00
පුරෝහිත බමුණා ශ්‍රී යහන් ගබඩාවට පැමිණ කුසතණ හා මැතිරූ ජලය පිරි දක්ෂිණාවෘත කිරි හක්ගෙඩියක් පිරිනැමීම.
පුරෝහිත බමුණා වේද මන්ත්‍ර ජපකරද්දී රජතුමා හක්ගෙඩියත්, කුසතණත් පිරිමැදීම.
පුරෝහිත බමුණාගෙන් පෙර දින දු‍ටු සිහින විචාලීම.
මහවෙදනා (රාජකීය වෛද්‍යවරයා)  සිරියහන් ගබඩාවට පැමිණීම සහ රජතුමාගේ ශරීර සෞඛ්‍ය පිරික්සා අවශ්‍ය බෙහෙත් නියම කිරීම.
මහදොරනා (රජතුමාගේ වත්පිලිවෙත් බාර අය) සිරියහන් ගබඩාවට පැමිණීම සහ සුවඳ ජලයෙන් ශරීර දෝවනයට කටයුතු සැලසීම.
දළදා මාලිගාවේ උඩුමහල් චාරිත්‍ර
දළදා මාලිගාවට ගමන් කිරීම සහ දළදා මාලිගාව ඇමදීම.
පූජාභාණ්ඩ 12කින් දළදාවට පුදපූජා පැවැත්වීම.
සුවඳ පැන් ඉසූ මල් පූජා කිරීම සහ සිල් සමාදන්වීම.
පිරිත් පැන් ලබාගැනීම සහ ගිතෙල් බඳුනකින් තම මුහුණ බැලීම.
ගිතෙල් භික්ෂූන්ට හා බමුණන්ට පිරිනැමීම.
දළදා මාලිගාවේ බිම්මහල් චාරිත්‍ර
බුදුරුවක නේත්‍රා පිහි‍ටුවීම.
උපාසකයින්ට බුදුපිළිම, ධර්ම පොත් යනාදිය ලබාදීම.
ධර්ම ශ්‍රවණය කිරීම.
භික්ෂූන්ට දන්දීම.
පුරෝහිත බමුණාගේ පද 8ක මංගල්‍යාෂ්ඨක ශ්‍රවණය කිරීම.
දන් දීම. (රෝගීන්ට සහ මහල්ලන්ට බෙහෙත්, බඩදරු ස්ත්‍රීන්ට දොලදුක් කෑම, දරුවන්ට රස කැවිලි, සතුන්ට ආහාර)
මහවෙදනා හා මූලහිනා (මුලුතැන්ගෙය භාර අය) විසින් උදෑසන රාජභෝජන පිරිනැමීම.
කැටපත්ගෙට යෑම සහ දවසට යෝග්‍ය යැයි සම්මත ඇඳුම් හා ආභරණ වලින් සැරසීම.
දකුණු අතින් කඩුව හා වමතින් යෂ්ටිය ගෙන සුදු පියවිලි මතින් සිංහාසන ගබඩාවට යාම.
නිලමේවරුන්ගේ රාජකාරි වාර්තාවලට (දානශාලාවේ / භාණ්ඩාගාරයේ) සවන් දීම.
උදේ 9.00
උදේ 10.00
සිංහාසනාරූඩ වීම සහ මැතිඇමති වරුන්ගේ රාජකාරි වාර්තාවලට සවන්දීම.
උදේ 10.00
උදේ 10.48
අවිහරඹ පුහුණුවීම.
උදේ 10.48
-
මහනැකැත්තා (රාජකීය දෛවඥයා) දහවල් භෝජනයට සුභ වේලාව දන්වයි.
උදේ 10.48
-
මහවෙදනා සහ මූලහිනා පැමිණ දිවාභෝජනයේ විස්තර සපයයි.
උදේ 10.48
සවස 3.00
භික්ෂූන් 100කට දානය දීම.
දහවල් රාජ භෝජන ගැනීම.
1000 දෙනෙකුට පාවාඩබත් බෙදාදීම සහ රජමාලිගාවේ 300කට සංග්‍රහ කිරීම.
සලුපිලි මාරුකර පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා 'රාමකුල' නම් යහනේ පැයක් පමණ නිදාගැනීම. [මේ අවස්ථාවේ බ්‍රාහ්මණ ස්ත්‍රීන් පැමිණ රජුගේ හිසකෙස් පීරමින්, නිය ඔපලමින්, පා පිරිමඩිමින් පවන් සලන අතර සේවකයෝ යහන්ගැබ මුර කරති.]
සිංහාර මණ්ඩපයට පිවිස කෝකිල (විලිසයනය) නම් යහනට වී රජුට විනෝද සපයන පිරිසේ රංගනයන් නරඹමින් පැයක් පමණ විවේක ගනී.
රජමාලිගාවේ ''රජපාතෙලෙ' නම් ස්ථානයට පිවිස 360 වර්ගයක් කලාකරුවන්ගේ රංගනයන් නරඹමින් සතු‍ටුවෙයි.
සවස 3.00
-
ප්‍රධානීන් 24 දෙනෙකු පිරිවරාගෙන දවසේ දෙවන වරටත් සිංහාසනාරූඩ වීම.
සවස 3.00
සවස 5.00
සනි‍ටුහන් වැදෑරීම. [රජයේ ප්‍රධානීන්ගේ රාජකාරි වාර්ථා වලට සවන්දීම සහ උපදෙස්දීම]
දර්ශණ මණ්ඩපයට (ඔලක්කම් මණ්ඩපය) ගොස් දෙහල වෙදනාගේ [පශුවෛද්‍ය] උපදෙස් අනුව මගුල් ඇතුට ආහාර දීම.
සවස 5.00
සවස 6.00
සඳලුතලයට ගොස් ස්නානය කර, ඇඳුම් මාරුකර, බුදුන් වැදීම.
සවස 6.00
සවස 6.24
ආලන්ති මණ්ඩපයට ගොස්, සන්ධ්‍යා තූර්යවාදනයට සවන් දීම. ස්ත්‍රීන් 1800ක් විසින් 'ආලන්ති බෑම' නම් ප්‍රාර්ථනය තෙවරක් සිදුකර රජුට සුභාසිරි පැතීම.
සවස 6.24
රාත්‍රී 8.00
නාටක ශාලාවට ගොස් නැ‍ටුම්, ගැයුම්, වැයුම් නැරඹීම.
රාත්‍රී 8.00
රාත්‍රී 12.00
මහනැකැත්තාගේ උපදෙස් අනුව සුභ මූර්තියෙන් බොජුන්ගෙට ගොස් රාත්‍රී රාජභෝජන වැලඳීම.


පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා බුදුගුණ සිහිකිරීම.


බිසෝගබඩාවට ගොස් පැය දෙකක් ගතකිරීම.


සඳලුතලයට ගොස් සරඹ ක්‍රීඩා කීරීම.


රාත්‍රී මුරසේවා ගැන උපදෙස් දීම.
රාත්‍රී 12.00
පසුදා උදේ 4.00
යහන් ගබඩාවට ගොස් නිදා ගැනීම.

මූලාශ්‍ර : කඳවුරුසිරිත, ලංකාදීප, ඉතිහාස කෘති.

12 comments:

  1. පොරට ළමයි ඉඳල නෑ වගේ?
    මං කැමතිම කෑල්ල මෙන්න.

    /*බිසෝගබඩාවට ගොස් පැය දෙකක් ගතකිරීම. */

    ReplyDelete
  2. ane kathandarayo, tho 'pora' kiwwe ape raja kenekuta, tho raaja paalanaya gana ahalawath naha wage, dan thiyana prajathanthrawaadayayi, raaja paalana kramayayi patalawaganda epa harako. e yugaya iwarayi. api balanne ehi athi ayithihaasika watinaakama pamanayi. tho wage badu kaarayo mewani lipi balanda epa.

    ReplyDelete
  3. උදේ 4 ඉදන්ම වැඩද? හපොයි මට රජ කම නම් එපා,,

    ReplyDelete
  4. වටිනා ලිපියක්...තව පුළුවන්නම් රාජකීය භොජනය පිළියෙල වන ආකාරය හා එය බෙදනා සුවිශේෂී ආකාරය වැනි කරුණූත් සොයා බලා ඉදිරිපත් කරන්න...මොනවා උනත් දැන ගත්තට වරදක් නැහැ නෙව...

    ReplyDelete
  5. සියලුදෙනාට ගොඩක් ස්තූතියි.

    @මාරයාගේ හෝරාව, හොඳ අදහසක්. ඉස්සරහට බලමු.

    ReplyDelete
  6. තව එකක් කියන්න අමතක උනා. ඇනෝ කමෙන්ට්ස් දාන එක අඩු කරමු. අනික කේන්ති ගන්න එකත් ටිකක් අඩු කරමු. :)

    ReplyDelete
  7. හොද ලිපියක් :)))

    ReplyDelete
  8. //පූජාභාණ්ඩ 12කින් දළදාවට පුදපූජා පැවැත්වීම //

    මේක ගැනත් පොඩි විස්තරයක් කළා නම් අයියේ

    ReplyDelete
  9. @ වර්ණා & ශානු, ගොඩක් ස්තූතියි ප්‍රතිචාරවලට.

    ශානු නංගි, මේ ගැන නම් ලොකු විස්තරයක් දැනට මං ගාව නෑ. හොයාගත්තොත් අනිවාර්යයෙන්ම දාන්නම්.

    ReplyDelete
  10. Hamooo, too much work for me. Rajakama epaa. dawasata paya 8k wath nidaaganna nathanm rajakamenuth wadak naa

    Great informative post. Thank you.

    ReplyDelete
  11. බලනකොට පොර රාජපක්ෂ මහත්තයා තරම්වත් සැප විදලා නෑනේ...........

    ReplyDelete
  12. රජෙක් වෙන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. උදේ 4 ඉදන් රෑ 12 වෙනක්ම් වැඩ

    ReplyDelete