කොළඹ සිට කි.
මී. 250 ක පමණ දුරක් ගෙවා අපි
ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි ගමන සම්පූර්ණ කලා.
ත්‍රිකුණාමලය කියන්නේ බොහෝ කාලයක් ත්‍රස්ත ග්‍රහනයේ තිබූ නගරයක්. අද වනවිට බහුතරයක් වූ මුස්ලිම්, දෙමළ හා සිංහල සුලුතරයක් සාමකාමීව මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. අවම පහසුකම්
සහිත කුඩා නගරයක් වුවත් ත්‍රිකුණාමය අවට ඉතා හොඳ මාර්ග පද්ධතියක් දකින්නට ලැබුනා. නගරය
අවට ඔබට දැක බලා ගත හැකිතැන් මොනවාද? මේ සිතියමේ දැක්වෙන්නේ ත්‍රිකුණාමලය නගරය හා ඒ අවට ඔබට
නැරඹිය හැකි ප්‍රසිද්ධ ස්ථාන.
ආටෝප ගැට පද අවශ්‍ය නෑ. විස්තර අඩුවෙන් සහ ඡායාරූප වැඩියෙන් යොදාගෙන අද අපේ සංචාරය සිදුකරමු.
ත්‍රිකුණාමලයට එන සංචාරකයින් අනිවාර්ය්‍යයෙන් යන තැනක් තමයි කෝනේශ්වරම් කෝවිල. ෆෙඩ්‍රික් කොටුවෙන් ඇතුල්වන ඔබට කෝනේශ්වරම් කෝවිලත් රාවණ කැපුම හෙවත් lovers leap යනුවෙන් හැඳින්වෙන ස්ථානයත් දැක බලා ගැනීමට පුලුවන්. මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක් නිසා මේ "lovers leap" නම ලැබූ බව සඳහන්. වම් ඡායාරූපයේ දැක්වෙන්නේ එකී රාවණ කැපුමයි.
|
|
අද අපේ සංචාරයේ දෙවෙනි දවස! අනුරාධපුර හන්දියෙන් (4 කණුව හන්දිය) හැරී ත්‍රිකුණාමලය-අනුරාධපුරය මාර්ගයේ මද දුරක් යනවිට වෙල්ගම්වෙහෙරට කලින් කන්නියා උණුවතුර ළිං දකින්නට ලැබුනා. මෙහි යාමට සුදුසුම වේලාව උදෑසන කාලයයි. සතිඅන්ත දිනවල උදෑසන 6ට මෙම ස්ථානය විවෘත වෙනවා. රු. 10/- ක ප්‍රවේශපතක් ලබාගනීමෙන් සිතේ හැටියට උණුවතුර නාගැනීමට මෙය කදිම ස්ථානයක්. පහත සේයාරුවේ දැක්වෙන ආකාරයේ ලිං 7ක් මෙම ස්ථානයේ ඉදිකර තියෙනවා. 60 °C ක හෝ ඊට වැඩි උෂ්ණත්වයක් මේ වතුරේ තියෙන බව අනුමාන කරන්න පුලුවන්.
|
|
|
|
තෙවනි දිනයේ අපි ගමන් කලේ නිලාවේලි මුහුදු තීරය වෙතට. මේ තියෙන්නෙ ඒ අතරමඟ හමුවෙන "යුධ සුසානය" (Trincomalee War Cemetery). දෙවනි ලෝක යුද්ධයේදී මියගිය බ්‍රිතාන්‍ය හමුදාවට අයත් සෙබලු 303 දෙනෙකුගේ සොහොන් කොත් මේ භූමියේ දක්නට ලැබුනා. කුඩා නමුත් මනරම් භූමි භාගයක පිහිටි මේ යුධ සුසානය මගේ කැමරා කාචයේ සටහන් උනේ මෙහෙමයි.
මේ තියෙන්නේ නිලාවේලි මුහුදු තීරය. සංචාරකයන් අතර ප්‍රසිද්ධ "පරෙවි දූපත" පිහිටා ඇත්තේත් මේ අසල. ඒ සඳහා කි. මී. 2කට අධික බෝට්‍ටු සවාරියක යෙදීමට ඔබට සිදුවේවි. අපි ගිය දිනයේ මුහුද ඉතා රළු වී තිබුනා. ඒ නිසා අපි අතිරේක අවධානමක් ගත්තේ නෑ.
ත්‍රිකුණාමලය අවට බොහෝ තැන් දැක බලාගත් අපි දවස් 3ක සාර්ථක සංචාරයක් නිමා කරා. ඉදිරියේදී මුල්වරට ත්‍රිකුණාමලයේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන යමෙක් ඇත්නම් මේ ලිපිය ඔවුන්ට විශාල උපකාරයක් වේවි. එය එසේ නම් මගෙත් සතුට එයයි.
|
|
Thanks for the Nice article.
ReplyDeleteThanks!
Delete:D
ReplyDeletethis is really a good article to find the places to see☺
ReplyDeleteThankyou!
DeleteThankss for sharing
ReplyDelete